
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලුවලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරාදමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වරදකරුවන් වු විත්තිකරුවන් හයදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මරණීය දණ්ඩනය අද (29) නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිෂාන් රත්නායක විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පුකර ඇතැයි තීන්දු කරමින් විත්තිකරුවන් හයදෙනාට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා, නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගරය තුළදී විත්තිකරුවන්ගේ ප්‍රාණයන් නිරුද්ද වනතුරු ඔවුන්ගේ බෙල්ලෙන් එල්ලා තැබීමටද නියම කළේය.
මීට වසර 08කට පෙර කළ ඝාතනයක් සම්බන්ධයෙන් වු චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස මරණ දණ්ඩනය නියමවූයේ වරුණ සම්පත්, නැපෝලියන් පීටර් කෲස්, සුන්දරරාජා ප්‍රදීප් කුමාර්, සුන්දරරාජා ගනේෂ් කුමාර්, සුන්දරරාජා ශාන්ත කුමාර් හෙවත් සුජීව සහ සුරාජ් මධුශංක නමැත්තන්ටය.
2016 ජූලි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාරාහේන්පිට උද්‍යාන පාරේදී නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් පොලුවලින් හා සවලකින් පහරදී මංජුල මහේෂ් ජයතිලක නමැත්තාගේ මරණය කොට තවත් හත්දෙනෙකුට තුවාල කළ බවට මෙම විත්තිකරුවන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි.
නාරාහේන්පිට උද්‍යාන පාර ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය නිවසකදී මියගිය පුද්ගලයාගේ පිරිස හා විත්තිකරුවන්ගේ පිරිස අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් මංජුල මහේෂ් ජයතිලක නමැත්තා ඝාතනය කර එම අවමංගල්‍ය නිවසේ සිටි කාන්තාවන් ඇතුළු තවත් හත්දෙනෙකුට පොලු, රීප්ප, කිතුල් පටි සහ සවලකින් පහරදී තුවාල කර ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart