
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගියකු පහරදීමකින් මිය ගිය සිද්ධියට එහි සේවකයන් දෙදෙනකු අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසිනි.
සෞඛ්‍ය කාර්ය සහායකයන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
පහරදීමෙන් මියගොස් ඇත්තේ 47 හැවිරිදි පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
නොසන්සුන්කාරීව හැසිරීමේදී සිදුවූ වැටීමකින් ඔහු මියගිය බව රෝහල් සේවකයන් පවසා තිබුණත්, හිසට සිදුවූ පහරදීමකින් මරණය සිදුවූ බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා බිරිඳ මියයෑමෙන් අනතුරුව දරුවා සමඟ හුදෙකලාව සිටි අයෙක් බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart