
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වන ලෙස බලකරමින් උතුර, නැගෙනහිර යුද ගැටුම්වලදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව හර්තාලයක් ආරම්භ කර තිබේ.
යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල සියලුම කඩ සාප්පු මෙම හර්තාලයට සහාය පළකරමින් වසාදමා ඇති අතර, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා අත්හිටුවීම නිසා පොදු ප්‍රවාහනයද අඩාල වී ඇතැයි වාර්තා වේ.
උතුර, නැගෙනහිර යුද ගැටුම්වලදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුවේ නියෝජිත මරියසුරේෂ් ඊශ්වරි ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට හෝ වෙනත් ආකාරයක විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විදේශීය විශේෂඥයන්ගේ සේවය ලබාගැනීමට රජයට බල කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart