May 27, 2026

බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් අතර දුරකථන ඇමතුම් 53ක් හුවමාරු වී ඇති බවට අනාවරණ වීමත් සමඟ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ මෙම සැකකාර බන්ධනාගාර රැඳවියා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගැනීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පුළුල් විමර්ශනයකදී මෙම කරුණු අනාවරණ වී ඇත.

අදාළ ජංගම දුරකථනයේ දත්ත සහ ඇමතුම් වාර්තා ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු අනාවරණ කරගත් බව බලධාරීන් ප්‍රකාශකර තිබේ.