
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනඥයකු වන මුජිබර් රහුමාන් 2020 දී තේරී පත් වූ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දෙවරක් දිවුරුම් දුන් දෙවනියා බවට පත් ව තිබේ.
හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුස්සකු කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා මුජිබර් රහුමාන් අද දිවුරුම් දුන්නේය.
සමගි ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයකු වන මුජිබර් රහුමාන්, පසුගිය වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා 2023 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය.
කෙසේවෙතත්, පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පසු මූල්‍ය හිඟය පදනම් කර ගනිමින් ආණ්ඩුව එම මැතිවරණය නොපැවැත්විය.
මුජිබර් රහුමාන් 2020 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
කෙසේවෙතත්, ඔහුගේ දෙවැනි පාර්ලිමේන්තු ප්‍රවේශය ජාතික ලැයිස්තුව හරහා සිදුව තිබේ.
මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ ක්‍රියාකාරී දේශපාලනඥයකු වන ජයන්ත කැටගොඩ ද වත්මන් පාර්ලිමේන්තුවේ දෙවරක් දිවුරුම් දී ඇත.
2020 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත කැටගොඩ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රවේශය පහසු කරවීම සඳහා 2021 ජූලි මාසයේදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය.
කෙසේවෙතත්, පසුව, හිටපු මහ බැංකු අධිපතිවරයා සහ එවකට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමත් සමඟ ඔහු මාස දෙකකට පසුව නැවත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.
කෙසේවෙතත් ජයන්ත කැටගොඩට මෙන් නොව මුජිබර් රහුමාන්ට කථානායකවරයා ඉදිරියේ දෙවැනි දිවුරුම් දීම සඳහා මාස 16ක් බලාසිටීමට සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart