
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 20කින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර නොමැති බවත්,එමනිසා ඔවුන් ඉතා අසීරුවෙන් එම තත්ත්වය කළමනාකරණය කරන බවත් රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර පවසයි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම තීරු බදු රහිත වාහන ගෙන්වන ලෙස ඉල්ලා ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා අසත්‍ය බවද හෙතෙම සඳහන් කරයි.
එවන් අසත්‍ය වාර්තා ප්‍රචාරය කිරීමට වගකිවයුත්තන් වරප්‍රසාද කාරක සභාව හමුවට ඉදිරිපත් කළ යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක සහ පවතින වියළි කාලගුණය හේතුවෙන් ගොවීන් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දී සිටින අවස්ථාවක් කිසිදු මන්ත්‍රීවරයකු එවැනි ඉල්ලීමක් නොකරන බවද ඔහු පැවසීය.
දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලයේ සිට තීරුබදු රහිත වාහනයක් ගෙන්වීමේ වරප්‍රසාදය මන්ත්‍රීවරුන්ට හිමි වූ බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා, රටේ වත්මන් තත්ත්වය සළකා බැලීමේදී කිසිදු මන්ත්‍රීවරයකු එවැනි ඉල්ලීමක් නොකරන බවද සඳහන් කළේය.
මෙහිදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවසුවේ තීරු බදු රහිත වාහන ගෙන්වන ලෙස මුදල් අමාත්‍යාංශයට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් ලැබී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart