
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම ජීවිතයට ඇති විය හැකි තර්ජන හේතුවෙන් ආරක්ෂාව ලබා දෙන ලෙසත් සහ භාවිතය සඳහා වාහනයක් ලබා දෙන ලෙසත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් රජයෙන් ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී අර්චුනා අද පැවසුවේ තමාට එරෙහිව නඩු 24ක් පවරා ඇති අතර ඉන් කිසිවක් පෞද්ගලික සිදුවීම්වලට සම්බන්ධ නොමැති බවයි.
අධිකරණ පරිශ්‍රයන් අසල පවා මෑතකදී සිදු වූ වෙඩි තැබීම් පෙන්වා දෙමින් ඔහු ඉල්ලා සිටියේ තමන් උතුරට යන එන අයකු බවත්, ආරක්ෂාව මෙන්ම වාහනයක් ද තමන්ට අවශ්‍ය බවයි.
තමාට යමක් සිදුවුවහොත් රජය වගකීම භාර ගන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.
තමාට කතා කිරීමට කාලය ලබා නොදුන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවෙන් ද ප්‍රශ්න කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ අතීතය ගැන සඳහන් කරමින් ඔහු ජාතික ජන බලවේගය මිනීමරු රජයක් ලෙස ද හැඳින්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart