
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා බස් රථ ස්ටිකර් සමාගම්වලින් අල්ලස් ලබාගත්තේ දැයි සාධාරණ සැකයක් පවතින බවත්, එම නිසා ඔහුට විරුද්ධව වහාම පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලමින් තමන් ඊයේ (20) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බස් රථවලට යම් යම් ගෙවීම් සමඟ යම් යම් නවීකරණයන් එකතු කිරීමට අවසර දී ඇති බව හෙතෙම සඳහන් කරයි.
එමෙන්ම මාර්ග අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් සිදුවන්නේ නවීකරණය කරන ලද පෞද්ගලික බස් රථ නිසා බව පෙන්වාදෙයි.
විදුලි බුබුළු, බස් සැරසීම, වැඩි ශබ්ද සහිත නළා සවි කිරීම, ශබ්ද සහ රූපවාහිනී පද්ධති සවිකිරීම වැනි වෙනස්කම් සිදුකිරීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය එකඟ නොවන බව සඳහන් කරමින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බව ද ඔහු පවසයි.
බොහෝ බස් රථ නීතියට පටහැනිව සැරසිලි සහ අමතර උපකරණ භාවිත කරන අතර, බොහෝ මාර්ග අනතුරු වලට හේතු වී ඇත්තේ මෙම බස් රථ නිසා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart