
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය විශ්ව විද්‍යාලයේ පසුගියදා (20) පැවති උපාධි ප්රදානෝත්සවයේදී, හදිසි අනතුරකින් මියගිය තම පුතාගේ උපාධි සහතිකය ලබා ගැනීමට මව වේදිකාවට පැමිණි සංවේදී අවස්ථාවක් දැකගන්නට ලැබිණි.
යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ දිසානායක මුදියන්සේලාගේ හසන් සාගර දිසානායක මැදවච්චිය ප්‍රදේශයේදී යතුරුපැදි අනතුරකින් මියයෑමට පෙර ව්‍යවහාරික ගණිතය හා පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිය අවසන් කර ඇත.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජා විසින් පුත්‍රයාගේ එම උපාධියට අදාළ සහතිකය භාරගන්නා ලෙස මවට ආරාධනා කර ඇත.
ඒ අනුව එහි පැමිණි මව, උපාධි ප්රදානෝත්සවයේදී කඳුළු සලමින් තම පුතාගේ උපාධි සහතිකය ලබා ගැනීමට වේදිකාවට ගොඩ වී තිබේ.
කුලපති සී. පද්මනාදන්ගේ ප්‍රධානත්වයෙන් උපාධි ප්රදානෝත්සවය සිදුව ඇත.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart