
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතෝලික බැතිමතුන් අදහන ‘මරිය මාතාවගේ’ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී පසුගියදා කඳාන ප්‍රදේශයේ සැරිසැරූ කාන්තාවකගේ අනන්‍යතාව පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝ දර්ශන මහජනයා අතර කැළඹීමක් ඇති කළ අතර බොහෝ දෙනා උපකල්පනය කළේ ඇය ‘මරිය මාතාව’ ලෙස නිරූපණයක් කළ බවයි.
මෙම වීඩියෝව මහජනයා අතර කුතුහලයක් ඇති කළ අතර කාන්තාව පිළිබඳව ප්‍රශ්න මතුවිය.
Fact Crescendo Sri Lanka නම් වූ සත්‍ය තොරතුරු සනාථ කිරීමේ වෙබ් අඩවියට අනුව කඳාන පොලිසියෙන් ඇය ගැන විමසීමක් කර ඇති අතර ඇය රුසියානු ජාතිකයකු බව හෙළිකර ඇත.
එම කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත්, එහිදී ඇය භාවනාවේ යෙදී සිටින්නියක ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවත් හෙළිකරගෙන ඇති බවයි කඳාන පොලිසිය හෙළිකර තිබේ.
මෙම කාන්තාව කිසිදු මානසික රෝගයකින් පෙළෙන්නේ නැති බව පවසන කඳාන පොලිසිය, වැඩිදුරටත් පවසා ඇත්තේ, භාවනානුයෝගීව සිටින අවස්ථාවේ ඇඳ සිටි වස්ත්‍රය සහිතව මෙම කාන්තාව නිදහසේ කදාන ප්‍රදේශයේ සැරිසරන අතර ඇයගේ විවිධ වීඩියෝ දර්ශන ඇතැමකු විසින් ලබාගෙන ඇති බවයි.
මෙම කාන්තාව පිළිබඳව පොලිසිය විසින් කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ද විමසීමක් කර ඇති අතර, එහිදී ඇය කිසි දිනෙක දේවස්ථානයට නොපැමිණි බවත් ආයතනයේ සාමාජිකයෙකු නොවන බවත් දේවස්ථානය විසින් තහවුරු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart