
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හබරණ පොලිස් වසමේ පලුගස්වැව ප්රදේශයේ නිවසක මාස10ක බිළිඳෙක් මියගොස් සිටියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසියට ඊයේ (17) ලැබුණු තොරතුරක් මතය.
මියගිය බිළිඳා ජීවත්ව සිට ඇත්තේ මාපියන් සහ සහෝදර සහෝදරියන් දෙදෙනා සමඟ පලුගස්වැව බුලනාගම ප්රදේශයේ නිවසකය.
ජනවාරි 16 වැනි දින රාත්රියේ තම සැමියා නොමැති අවස්ථාවක නිවස පිටුපස ඇති ජල වළකට බිළිඳා විසි කළ බවට දරුවාගේ මව පාපොච්චාරණය කර ඇති බව කියනු ලැබේ.
පසුව ඇය බිළිඳා රැගෙන නිවසේ ඇඳක් මත තබා ඇත.
පොලිස් පරීක්ෂණවලින් පසුව, සිද්ධිය මිනීමැරුමක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ අනුව 34 හැවිරිදි සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
මහේස්ත්රාත්වරයාගේ පරීක්ෂණයෙන් පසු බිළිඳාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart