
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට බලපෑ විනාශකාරී දිත්වා සුළි කුණාටුවෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවට ‘යුනිසෙෆ් ශ්‍රී ලංකා’ අනතුරු අඟවා තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා රට පුරා දරුවන් හදිසි මානුෂීය අර්බුදයකට මුහුණ දී තිබිණි.
සන්නිවේදන කටයුතු අඩාල වී බොහෝ ප්‍රදේශවලට ප්‍රවේශ විය නොහැකි බැවින්, බලපෑමට ලක් වූ දරුවන්ගේ සැබෑ සංඛ්‍යාව සැළකිව යුතු ලෙස වැඩි විය හැකි බව ‘යුනිසෙෆ් ශ්‍රී ලංකා’ පවසයි.
“සුළි කුණාටුව දරුවන්ට සහ ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා සිදු කර ඇති විනාශය පිළිබඳ යුනිසෙෆ් දැඩි කණස්සල්ලට පත්ව සිටිනවා. පාඩුවලට සහ අවතැන්වීම්වලට ලක් වූ පවුල් සමඟ අපි සහයෝගයෙන් සිටිනවා වගේම ශෝකයට පත් ආදරණීයයන්ට අපගේ දැඩි ශෝකය පළ කරනවා,” ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිගම් පැවසුවාය.
“ළමුන්ට හදිසි උපකාර අවශ්‍යයි. ජීවිතාරක්ෂක සේවා දැඩි ලෙස අවශ්‍ය වන, වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් වෙත ළඟා වීම සඳහා කාලයට එරෙහිව තරඟයක් කරන්න වෙලා. සුළි කුණාටුව පහව ගොස් තිබුණත් ප්‍රතිවිපාක පහව ගිහින් නැහැ.” ඇය තවදුරටත් පැවසුවාය.
නිවාස සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට සිදු වූ දරුණු හානිය, අත්‍යවශ්‍ය සේවාවන් කඩාකප්පල් වීම, අවතැන් වීම් සහ රෝග පැතිරීම, මන්දපෝෂණය, අනාරක්ෂිත ජීවන තත්ත්වයන් ආදිය ළමුන් අතර දැඩි චිත්තවේගීය පීඩාවන් ඇතිවීමේ අවදානම වැඩි කරයි.
2022 ආර්ථික අර්බුදය ඇතුළු අඛණ්ඩ කම්පනවලින් තවමත් මිදී නොමැති ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්රජාවන්ගේ අරගල සුළි කුණාටුව තවත් ගැඹුරු කරනු ඇත.
2025 ලෝක බැංකු වාර්තාවකට අනුව, 2019 සිට දරිද්‍රතාව දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර එය සියයට 11.3 සිට සියයට 24.5 දක්වා ඉහළ ගොස් තිබේ.
පවුල් මිලියන ගණනකගේ ජීවිත තවමත් දැරිය නොහැකි මට්ටමක පවතියි.
යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් තත්ත්වය තක්සේරු කිරීම සඳහා රජය, ජාතික බලධාරීන් සහ හවුල්කරුවන් සමඟ සමීපව සම්බන්ධීකරණය කරමින් ජීවිතාරක්ෂක සහාය ආරම්භ කර ඇත.
දැඩි ලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල දරුවන්ගේ සහ පවුල්වල හදිසි අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා, යුනිසෙෆ් සිය උත්සාහයන් තවදුරටත් පුළුල් කරමින් සිටින අතර පිරිසිදු පානීය ජලය, අත්‍යවශ්‍ය පෝෂණ සැපයුම්, මනෝ සමාජීය සහාය සහ අවතැන් වූ දරුවන්ට සහ මව්වරුන්ට හදිසි අධ්‍යාපන කට්ටල ලබා දීම සිදු කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart