February 5, 2026

ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ පවත්වනු ලබන සායන 41කින් HIV ඒඩ්ස් රෝගීන් 4,771ක් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද අනාවරණ කළේය.

සිෆිලිස් රෝගීන් 1,469ක්, ගොනෝරියා රෝගීන් 1,035ක් සහ හර්පීස් රෝගීන් 2,891ක් සායනික ප්‍රතිකාර ලබන බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

ඒඩ්ස් රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ හිඟයක් නොමැති බව බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.