
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝගාබාධ සඳහා බෙහෙත් වර්ග 05කට වඩා ලබාගන්නා වැඩිහිටියන්ට වෙනත් ආබාධ හටගැනීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතු යැයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බරණ මිල්ලවිතාන පෙන්වාදෙයි.
මේ හේතුවෙන් වැඩිහිටි අයකුට රෝගාබාධයක් වෙනුවෙන් බෙහෙත් වර්ග 05කට වඩා ලබාදෙන්නේ නම් ප්‍රවේසම් වියයුතු බව ඔහු සඳහන් කරයි.
වැඩිහිටියන්ට කායික ආබාධවලට අමතරව විශාදය (ඩිප්‍රෙෂන්), ඩිමෙන්ෂියාව වැනි මානසික ආබාධ හටගැනීමේ වැඩි අවදානමක් තිබීම නිසා ඒ කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබේ.
ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.
ලෝකයේ වේගයෙන් වැඩිහිටියන් බවට පත්වන ජනගහණයක් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර, වැඩිහිටි ජනගහණය හරිහැටි හඳුනා ගතහොත් එය සම්පතක් බව මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ශිරෝමි මාදුවගේ සඳහන් කර තිබේ.
එමෙන්ම මෙරට වැඩිම වැඩිහිටියන් පිරිසක් සිටිනුයේ බස්නාහිර පළාතේ බවත්, ග්‍රාමීය ප්‍රදේශවල සිටින වැඩිහිටියන්ගේ සංඛ්‍යාවද වැඩිවෙමින් පවතින බවත්, ඇය වැඩිදුරටත් අනාවරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart