
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට, අමතර අනුග්‍රාහකයන් ලෙස තවත් රටවල් එකතු වී තිබේ.
මෙම යෝජනාව, එහි ප්‍රධාන අනුග්‍රාහකයන් වන එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් සභාගත කරන ලදී.
කෙසේවෙතත්, ඔක්තෝබර් 4 වැනිදා වන විට ඇල්බේනියාව, ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, කැනඩාව, කොස්ටාරිකාව, ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙකියාව, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටෙස් , ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මලාවි, මෝල්ටා, මොන්ටිනිග්‍රෝ, නෙදර්ලන්තය, නවසීලන්තය, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, පෝලන්තය, පෘතුගාලය, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය මෙම යෝජනාවේ අනුග්‍රාහකයන් සහ සම අනුග්‍රාහකයන් ලෙස එක්ව සිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මැයෙන් වන යෝජනාව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට පෙර ජිනීවා මානව හිමිකම් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර තිබිණි.
A/HRC/57/L.1 අංක යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාව ශ්‍රී ලංකා රජය දැනටමත් ප්‍රතික්ෂේප කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart