February 9, 2026

මෙරට පළමු රිළා රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නයෙන් ඉදිකිරීමට මේ වන විට භූමියක් හඳුනාගෙන ඇත.

ජලය, ආහාර, ආරක්ෂාව ඇතුළුව හෙක්ටයාර් 150ක් මධ්‍යස්ථානය ඉදිකිරීමට තෝරාගෙන තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

රිළා රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන අතර මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ද ඒ සඳහා ලැබී ඇත.

මැලේසියාව ඇතුළු රටවල් කීපයක මෙවැනි රැඳවුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව කමිටුවේදී වනජීවී අඩවි ආරක්ෂක චමත් ලක්ෂමන් පෙරේරා පැවැසීය.

රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට රුපියල් මිලියන 283.87ක ප්‍රතිපාදන වෙන්කර ඇත.

හානිකර රිළවුන් අල්ලා රැඳවුම් මධ්‍යස්ථානයට මුදාහැරීමට පියවර ගැනීමටත් ගැහැනු සතුන් සඳහා ලූපයක් පළඳවා ගහණය පාලනය කිරීමටත් තීරණය කර ඇත.

ගාල්කෙරෙන රිළවුන් යළි පරිසරයට පළානොයන ලෙස මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉදිකෙරේ.

තෝරාගත් ප්‍රදේශයේ ස්වාභාවික ආහාර ප්‍රමාණවත් වන බවත්, අවශ්‍ය වුවහොත් පිටතින් ආහාර සැපයීමට තීරණ කර ඇති බවත් සඳහන්ය.

එක් රිළවකු සඳහා දිනකට ග්‍රෑම් 70ක ආහාර ප්‍රමාණවත් අවශ්‍ය පැවැසේ.(දිවයින)