
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් පරීක්ෂණ කටයුතු සඳහා චීන සමාගමක් වෙත යැවීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සමක් සම්බන්ධයෙන් මේ මස 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින්, අභියාචනාධිකරණය විසින් ඊයේ (11වැනිදා) ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකා වන සත්ත්ව හා පරිසර ආරක්ෂක සංගමය, මාතර ආනන්ද සාගර හිමි, ඔටාරා ගුණවර්ධන, රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශ්වකරුවන් 27 දෙනකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් මෙම නොතීසි නිකුත් කිරීම සිදු කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට සිටින රිළව් ලක්ෂයක් පරීක්ෂණ කටයුත්තක් සඳහා චීන සමාගමක් වෙත යැවීමට වගඋත්තරකරුවන් තීරණය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවැසීය. එම නිසා මෙරට රිළවුන් ඕනෑම මොහොතක චීනයට අපනයනය කිරීමේ අවදානමක් මතුවී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart