
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම මදුරන්කුලිය නව ගම්මානය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු සිය ආච්චි අම්මා සමග අමනාපවි නිවෙසින් පළායද්දී කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයකට රැගෙන ගොස් හිමිනමකට බාරදී මහණ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම, පාලවිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හිමිනමක අත්අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
බාලවයස්කාර දරුවකු මවුපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කළේ යැයි කියන චෝදනාව යටතේ මෙම හිමිනම අත්අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මේ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි කියන කතරගම, ඩෝසර් වැව ගෞතම සදහම් ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේ වාසය කරන හිමිනමක ද අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙම හිමිනම ප්‍රදේශය මගහැර ගොස් සිටින බව කතරගම පොලීසිය සඳහන් කරයි.
දිනේෂ් ප්‍රියනන්ද නමැති මෙම බාලවයස්කාර දරුවා මදුරන්කුලියේ සුබෝධ නමින් මහණ වී සිටියදී පෙරේදා (22) සොයා ගත් බව කතරගම පොලිසිය පවසයි.
‘රූපවාහිනිය බලන්න දුන්නේ නැති නිසා මම ආච්චි අම්මා සමග අමනාප වී 18 වැනිදා ගෙදරින් පැනලා ආවා. මගේ අම්මා රට රැකියාවකට ගොස් සිටිනවා. තාත්තා සහ ආච්චි සමග ගෙදර ජීවත් වෙනවා. ගෙදරින් හොර රහසේ පැනලා එද්දී පාලවිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හිමිනමක හමුවුණා. ඒ හිමියන් මා බස් එකක ගොඩ කරගෙන කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයකට රැගෙන හිමි නමකට බාර දුන්නා” යැයි සාමණේර හිමියන් පවසන බව පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart