July 15, 2023

මත්ද්‍රව්‍ය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකුගේ නිවසකට ඇතුළු වී පිරිසක් යතුරු පැදියක් සහ නිවසේ තිබූ රන් භාණ්ඩ සොරාගත් සැකකරුවන් තිදෙනකු දොරටියාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා විසින් මත්ද්‍රව්‍ය ලබාගැනීමට නිවෙස් හිමි පුද්ගලයාට මුදල් ලබාදී ඇත.

එහෙත් මුදල් ලබාගෙන නිවසෙන් හිමියා මත්ද්‍රව්‍ය ලබානොදීම සම්බන්ධයෙන් උරණ වූ අත්අඩංගුවට ගෙන ඇති මත්ලෝලීන් තිදෙනා, ඔහුගේ නිවෙසට පැමිණ නිවැසියන්ට පහර දී යතුරු පැදිය ඇතුළු රන් භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.