
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර අද මෙරට දෙමළ ප්‍රජාවේ නියෝජිතයන් හමුවිය.
X හි සටහනක් තබමින් මෝදි පවසා ඇත්තේ, ජ්‍යෙෂ්ඨ දෙමළ නායකයන් වන ආර්. සම්බන්ධන් සහ මාවෙයි සේනාධිරාජා යන අයගේ අභාවය පිළිබඳව සිය ශෝකය ප්‍රකාශ කළ බවයි.
එම නායකයන් දෙදෙනාම තමා පෞද්ගලිකව හඳුනන බව ද මෝදි සඳහන් කර තිබේ.
මෙම හමුවේදී, අගමැති මෝදි එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ප්‍රජාව සඳහා සමානාත්මතාවය, අභිමානය සහ යුක්තිය සහිත ජීවිතයකට සහාය වීමට ඉන්දියාවේ කැපවීම නැවත අවධාරණය කර ඇත.
තම සංචාරය තුළ දියත් කරන ලද ව්‍යාපෘති සහ මුලපිරීම් කිහිපයක් දෙමළ ප්‍රජාවගේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික සංවර්ධනයට දායකවන බව ද ඔහු ප්‍රකාශ කරයි.
“ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ නායකයන් සමඟ පැවැති සාකච්ඡාව ඵලදායි විය. එම ප්‍රජාව වසර 200 කට වැඩි කාලයක් දෙරට අතර ජීව පාලමක් ගොඩනඟයි. ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව සඳහා නිවාස 10,000 ක්, සෞඛ්‍ය සේවා පහසුකම්, පූජනීය ස්ථානය වන සීතාඑළිය කෝවිල සහ අනෙකුත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීමට ඉන්දියාව සහාය වනු ඇත.” යනුවෙන් එම සටහනේ මෝදි සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart