
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි අයෝධ්‍යාවේ ආන්දෝලනාත්මක භූමියක ඉදිකළ ජනප්‍රිය හින්දු දෙවි කෙනෙක්වන රාම් වෙනුවෙන් වූ දේවස්ථානය විවෘත කිරීමේ චාරිත්‍රවලට අද සහභාගී විය.
ප්රමුඛ පෙළේ සිනමා තරු, කර්මාන්තකරුවන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු ආරාධිත අමුත්තන් දහස් ගණනක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
ඉදිරි මාස කිහිපය තුළ ඉන්දියාවේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර, අගමැතිවරයාගේ දේශපාලන ප්‍රතිවාදීන් පවසන්නේ ආණ්ඩු කරන භාරතීය ජනතා පක්ෂය ජනගහනයෙන් සියයට 80ක් හින්දු භක්තිකයන් සිටින රටක දේවස්ථානය නමින් ඡන්දය ඉල්ලා සිටින බවයි.
මෙම දේවස්ථානය ඩොලර් මිලියන 217ක වියදමින් ඉදිකර ඇති අතර, දේවස්ථානයේ භාරය පවසන්නේ එය පෞද්ගලික පරිත්‍යාග වලින් අරමුදල් සපයන බවයි.
සජීවීව රූපවාහිනියෙන් විකාශය වූ උත්සවය, අගමැතිවරයා පූජකවරුන් සහ රාෂ්ට්‍රිය ස්වයම්සේවක් සංග් (RSS) හි ප්‍රධානී මොහාන් භගවත් සමඟ කෝවිල තුළ ආගමික චාරිත්‍ර ඉටු කරන ආකාරය පෙන්නුම් කර ඇත.
දේවස්ථානයේ බිම් මහල පමණක් විවෘත කර ඇති අතර, ඉතිරි කොටස වසර අවසන් වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
අයෝධ්‍යාවේ මෙම හින්දු දේව මන්දිරය ඉදිකෙරුණු භුමිය පිළිබඳව වසර ගණනාවක මත ගැටුමක් මුස්ලිම් සහ හින්දු ප්‍රජාවන් අතර පැවති අතර, අවසානයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හින්දූන්ට පක්ෂව එහි අයිතිය තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart