
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාහන ආනයන තහනම ඉවත් කර නව බදු අනුපාත ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණයෙන් පසුව, යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සිය වාහන පෙළගැස්ම සඳහා නවතම මිල ගණන් එළිදක්වා තිබේ.
යාවත්කාලීන කරන ලද මිල ගණන් වත්මන් විනිමය අනුපාත, රජයේ බදු සහ 18% වැට් හැර අනෙකුත් තීරුබදු අනුව සටහන් කර ඇත.
ඒ අනුව මිට්සුබිෂි වාහනවල මිල ගණන් පෙළගැස්ම:
– මිට්සුබිෂි Attrage – රු. මිලියන 11.23 + වැට්
– මිට්සුබිෂි Xpander – රු. මිලියන 14.99 + වැට්
– මිට්සුබිෂි Xpander Cross – රු. මිලියන 16.1 + වැට්
– මිට්සුබිෂි Outlander Sport – රු. මිලියන 15.675 + වැට් (ඉහළට)
– මිට්සුබිෂි Eclipse Cross – ඇස්තමේන්තුගත රු. මිලියන 19 + වැට්
– මිට්සුබිෂි L200 – රු. මිලියන 18.135 + වැට් (ඉහළට)
– මිට්සුබිෂි Montero Sport – රු. මිලියන 49.58 + වැට්
පාරිභෝගිකයන්ට රුපියල් මිලියනයක අත්තිකාරම් ගෙවීමක් සමඟ තම වාහන වෙන් කරවා ගත හැකි අතර, දින 150ක් ඇතුළත බෙදාහැරීම් අපේක්ෂා කෙරේ. සියලුම මිට්සුබිෂි වාහන වසර 4ක හෝ කිලෝමීටර් 100,000ක වගකීමක් සමඟින් පැමිණේ.
යුනිමෝ වාහන මිල ගණන් :
– Perodua Axia G –රු. මිලියන 7 + VAT
– Perodua Axia SE – රු. මිලියන 7.6 + VAT
– Perodua Bezza G – රු. මිලියන 7.2 + VAT
– DFSK Glory i-AUTO – රු. මිලියන 14 + VAT
– (EV) Dayun DY3 – රු. මිලියන 7.6 + VAT
– (EV) Seres 3 SUV – රු. මිලියන 13.2 + VAT
– JMC Vigus Pro Pickup – රු. මිලියන 14.3 + VAT
– JMC N700 H/Body – රු. මිලියන 8 + VAT
– JMC N700 F/Body –රු. මිලියන 8.47 + VAT
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart