
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිස්ටර් බීස්ට් ලෙසින් වඩාත් ප්‍රකට ජිමී ඩොනල්ඩ්සන් පවසා ඇත්තේ, කලින් ට්විටර් ලෙස හැඳින්වූ X අමාජ මාධ්‍ය වේදිකාවේ පළකරන ලද සිය පළමු සම්පූර්ණ වීඩියෝව වෙනුවෙන් තමාට X සාමගමින් ඩොලර් 263,655 ක් ලැබුණු බවයි.
ඩොනල්ඩ්සන් ඔහුගේ පළමු වීඩියෝව පසුගිය සතියේ X හි පළකළේ වේදිකාවේ කොපමණ දැන්වීම් ආදායමක් උපයා ගැනීමට හැකිවේද යන්න පරීක්ෂා කිරීමටය.
එහෙත් නොසිතූ ආකාරයෙන් එය ව්‍යාප්තවී ගිය අතර, X හරහා පළකරන ලද වීඩියෝව YouTube ලබාගත් නැරඹුම් වාරවලට වඩා මිලියන 150කට වැඩි නැරඹුම් ප්‍රමාණයක් ලබාගෙන ඇත.
ඩොනල්ඩ්සන් සහ ඔහුගේ මිතුරන් ඩොලර් මිලියන 1 සිට ඩොලර් මිලියන 100 දක්වා මිල ගණන් සහිත මෝටර් රථ අනතුරට ලක්කර ධාවනය කරන ආකාරය දැක්වෙන මෙම වීඩියෝව, ඔහු මාස හතරකට පෙර යූ ටියුබ් වෙත පළකළ වීඩියෝවක් නැවත උඩුගත(Upload) කිරීමකි.
X ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පසුගිය සැප්තැම්බර් මාසයේ සටහනක් නිකුත් කරමින් කියාසිටියේ, සිය වේදිකාව විසින් නිර්මාණකරුවන්ට ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් ගෙවා ඇති බවයි.
$1 Car vs $100,000,000 Car!!!
I’m curious how much ad revenue a video on X would make so I’m reuploading this to test it. Will share ad rev next week ❤️ pic.twitter.com/amSSmddFht
— MrBeast (@MrBeast) January 15, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart