
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික Tamar Amitai නමැති සංචාරක තරුණිය සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඇය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තනිවම ගමන් කරමින් සිට ඇත.
ඇය අන්තර්ජාලයෙන් කාමරයක් වෙන්කරගෙන ත්‍රිකුණාමලයේ රොලෙක්ස් ගෙස්ට් හවුස් හි නැවතී සිට තිබේ.
ගෙස්ට්හවුස් හිමිකරු වාර්තා කළේ ඇය ජූනි 22 දින හෝටලයට පැමිණි අතර බදාදා සිට නුදුටු බවයි.
ගෙස්ට් හවුස් හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව උප්පුවේලි පොලිසිය විමර්ශනයක් ආරම්භ කළේය.
දැඩි උත්සාහයක් ගත්තද ඊයේ උදෑසන වනතුරු කිසිදු තොරතුරක් ලැබී නොමැත.
කෙසේවෙතත් ඊයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් පැවසුවේ, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පොලිසිය, යුද හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උප්පුවලි ප්‍රාදේශීය සභාව සහ නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අමිතායි සොයා ගත් බවයි.
නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ඒ.පී මාතාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කළ ආණ්ඩුකාරවරයා එහිදී අතුරුදන් වූ සංචාරකයා පිළිබඳව පැය තුනක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නේය.
කමිටුව පිහිටුවීමෙන් පසු අමිතායි ඇගේ හෝටලයේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි සල්ලිකෝවිල්හිදී සොයාගන්නා ලදී.
ඇය එම ප්‍රදේශයට ගොස් සිටියදී සිහිසුන්ව ඇදවැටී ඇති නමුත් කිසිදු ශාරීරික හෝ ලිංගික අතවරයකින් තොරව මේ වන විට යහපත් තත්ත්වයෙන් පසුවන බව වාර්තාවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart