
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවයි.
මෙම විෂය පථය ජනාධිපතිවරයා යටතට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) වගන්තිය යටතේයි.
ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායකගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහා ඖෂධ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින අතර, ඔහු පසුගියදා එම ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart