
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ පූර්ව අනුමැතියකින් තොරව ළමුන් සිදුකරන ප්‍රකාශ පටිගත කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනමාධ්‍ය ආයතන වෙත අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයට පෙනීසිටි ළමුන් කිහිපදෙනකු ජනමාධ්‍ය වෙත දැක්වූ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් පසුව, ඔවුන් විවිධ පාර්ශ්වවල හාස්‍යයට සහ උපහාසයට ලක්වීම හේතුවෙන් මතු වූ කනස්සල්ල මත මෙම දැනුම්දීම සිදුකර ඇත.
විභාගයෙන් අනතුරුව ළමුන් විසින් කරන ලද ප්‍රකාශ උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීම මගින් ඔවුන්ව උපහාසයට ලක්කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති බව අමාත්‍යාංශය පවසයි.
මාපියන්ගේ, භාරකරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව ළමුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම, පටිගත කිරීම හෝ විකාශය කිරීම ජනමාධ්‍ය ආයතනවලට තහනම් බව අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
තවද, ළමුන් සම්බන්ධ මෙවැනි වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට වගකිවයුතු ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකි බවටද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart