
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බව ‘මව්බිම’ වාර්තා කරයි.
දිවයින පුරා සියලු පාසල්වලට පසුගිය 30 වැනිදා සිසුන් ඇතුළත් කරගැනීම සිදුවූ අතර ඊට සතියක පමණ කාලයක සිට විදුහල්පතිවරුන්ගේ තොරතුරු ලබාගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පවසා තිබේ.
මුදල් හා විවිධ ද්‍රව්‍ය ලබා ගන්නා විදුහල්පතිවරුන් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල ලේකම්වරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට චක්‍රලේඛ මඟින් දැනුම්දී ඇත.
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පසුගිය සතිය තුළ මුදල් අය කළ විදුහල්පතිවරුන් පිළිබඳව මවුපියන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම්වරු සඳහන් කරති.
මුදල් එකතුකිරීම වහාම නතර කරන ලෙසට අදාළ විදුහල්පතිවරුන්ට අවවාද කොට තිබේ.
රජයේ සියලුම පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී සෘජුව හෝ වක්‍රව ආධාර මුදල්/වෙන යම් බඩු බාහිරාදියක් ලබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඒ. යූ. වේලාරත්න සඳහන් කර ඇත.
එසේම සිසුන් ඇතුළත් කිරීමට පෙර හෝ පසුව පාසල් ප්‍රධානීන් හෝ පාසල් සංගම් හෝ සමිති එවැනි බලපෑමක් සිදුකිරීමද නීතී විරෝධී බවත් මුදල් එකතු කරන විදුහල්පතිවරුන් සියලු දෙනාට විරුද්ධව නීතිමය හා ආයතනික ක්‍රියාමාර්ග ගන්නා බවත් ලේකම්වරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart