
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව අධිකරණයේ පෙනීසිටින ලෙසට මිට පෙර දුන් නියෝගයක් කළ බව කියන කැබිනට් ඇමැතිවරයකුගේ බිරියට අධිකරණය හමුවේ ලබන මස 22 වැනිදා පෙනීසිටින ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත නියෝග කළේය.
මෙම අධිකරණ නියෝගය අනුව සැකකාර ඇමැති බිරිය එදිනට අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇය අධිකරණයට අපහාස කළා සේ සළකා ඉදිරි කටයුතු කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස මෙසේ නියෝග කෙරුණේ අයිරාංගනී ද සිල්වා නමැති කාන්තාවකටය.
සැකකාරිය කුරුණෑගල මාඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන යන එම්.කේ. ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රිස් නමින් හඳුන්වන සතුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක
එළ ගවයන් හයදෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා මීට වසර දහයකට පමණ පෙර නියෝග කර ඇතත්, සැකකාර ඇමැති බිරිය එම අධිකරණ නියෝග කඩ කර තිබිණැයි අධිකරණයේ දී හෙළිවිය.
එම එළ ගවයන් හයදෙනා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ ද තඹුත්තේගම පොලිසිය ද විවිධ හේතු කියමින් එළ ගවයන් අධිකරණයට ඉදිරිපත් කිරීම පැහැරහැර තිබ බවත්, ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳව පොලිස්පතිවරයාට ද දැනුම් දී තිබූ බවත් සඳහන්
විය.
මෙම සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ නීතිඥ ලෙව්ගේ බණ්ඩාර පැවසුවේ, කුරුණෑගල මාඑළිය ප්‍රදේශයේ එම්.කේ. ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රිස් නමින් හඳුන්වන සතුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයට අධිකරණ නියෝග මත බාරදුන් එළ ගවයන් හයදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අවස්ථා ගණනාවකදී දුන් නියෝග සැකකාරිය සහ තඹුත්තේගම පොලිසිය විවිධ හේතු කියමින් මග හරිමින් සිටින බවයි.
එම එළ ගවයන් හයදෙනා රාජ සන්තක කිරීමට හෝ අයිතිකරුට බාරදීමට හෝ අවශ්‍ය වුවහොත් අධිකරණය නියෝග කරන ඕනෑම අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට අයිරාංගනී ද සිල්වා නමැත්තිය විවෘත අධිකරණයට කැඳවා මීට පෙර අධිකරණය නියෝග කළ බව ප්‍රකාශ කළ නීතිඥවරයා එම නියෝගය ද කඩ කර ඇතැයි චෝදනා කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart