
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය දීමට තීරණය කර ඇති අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ එම තනතුරු අහිමිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ‘ලංකාදීපය’ වාර්තා කරයි.
ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය දීමට තීරණය කර ඇති ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව දහයක් පමණ වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සහාය නොදෙන මේ ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පැත්තේ ආසනවල අසුන් ගැනීම ද මේ තත්වය යටතේ ගැටලුකාරීවනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළනොකර ඇමැතිධුරවල රැඳී සිටින පිරිස් ඉදිරියේදී එම තනතුරුවලින් ඉවත්වීමට කටයුතු කරාවි යැයි තමා විශ්වාස කරන බවයි.
ආණ්ඩුවේ ඇමැතිධුරවල කටයුතු කරන සමහරුන් බොහෝවිට ලබන 15 වැනිදා නාම යෝජනා බාරගන්නා දිනයේදී ජනාධිපතිවරයාට සහාය පළකරනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.
ජනාධිපතිවරණයට තරගවැදීම හේතුවෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා එම ඇමැතිධූරයෙන් ඉල්ලා අස්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart