
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනෙකු පමණ ඩෙංගු උණ වැළඳීමෙන් මියගොස් ඇති බවට පළවන වාර්තා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කරයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එවැනි කිසිදු මරණයක් සිදුව නොමැති බවත්ය.
රෝගාතුර වන රැඳවියන් සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර බන්ධනාගාරය තුළදීම ලබාදෙන බවත්, බන්ධනාගාර රෝහලේ ධාරිතාවයෙන් ඔබ්බට ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් කඩිනමින් අසල පිහිටි රෝහල් වෙත මාරු කර යවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
බන්ධනාගාරය තුළ වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය සේවකයින් හිඟකම හේතුවෙන් කිසිදු මරණයක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති අතර, රැඳවියන්ට ලබාදෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් ද කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවීමට පෙර දින උණ රෝගය වැළඳී ඇති බවට වාර්තා වී තිබුණේ එක් රැඳවියෙකුට පමණක් බවත්, එම පුද්ගලයාට ද නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart