
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්රහාරය ප්රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්රීවරයා තමාට වාචිකව අපහාස කළ බව රාජ්ය ඇමැතිනි ඩයනා ගමගේ අද (05) චෝදනා කළාය.
“පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී මද්දුම බණ්ඩාර මට ‘බැල්ලි’ කිව්වා.මෙය සැබවින්ම වාචික ලිංගික අපයෝජනයක්, මෙය ජනගහණයෙන් සියයට 52ක් වන රටේ සියලුම කාන්තාවන්ට කරන අපහාසයක්. කාන්තාවන්ට අපහාස කරන්න මන්ත්රීවරුන්ට අයිතියක් නෑ ‘ ඇය පැවසුවාය.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බණ්ඩාරලා කීපදෙනකුටම කාන්තාවන් සමග “ඇරියස් එකක්” තිබෙන බවත්, බණ්ඩාරලා ‘සෙට් එක’ හදාගත යුතු බවත් රාජ්ය ඇමැතිවරිය සඳහන් කළාය.
“මේ අයට මගේ සාරිය ණයට දෙන්න පුළුවන්. ඔහුට එය ඇඳගෙන කාන්තාවකගේ වැඩ කරන්න පුළුවන්. මට ඔහුගේ කලිසම ඇඳගෙන පිරිමි වැඩ කරන්න පුළුවන්” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
තමාට කළ අපහාසය පිළිබදව විනය පරීක්ෂණයක් කළ යුතු බව රාජ්ය ඇමැතිවරිය අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart