
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8කට අධික බවත්, මෙම මෙහෙයුමේදී 58,562ක වැටලීම් සිදු කර 58,234ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ඊයේ (21) පැවැසීය.
2023 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමින් පසු රුපියල් මිලියන 725කට අධික වාහන සහ ගොඩනැගිලි පොලිසිය භාරයට ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් දිගින් දිගටම තමාට හා වැඩබලන පොලිස්පතිවරයාට බලපෑම් එල්ලවන නමුත් ඒවාට බියෙන් පළානොයන බවද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළේය.
අපරාධ මැඬලීම සම්බන්ධයෙන් තමාට සිදුවන බලපෑම සම්බන්ධයෙන් බියට පත්වී ‘යුක්තිය’ මෙහෙයුම් නතර නොකරන බවත්, තමා මෙම ඇමැති ධුරය දරන කාලය තුළ කිසිවකුට බියෙන් ඒවා අතරමඟ නතර නොකරන බවත්, ඔහු පැවැසීය.
මත්ද්‍රව්‍ය ජාල තුළින් මුදල් ලැබෙන පිරිස් විසින් එම කටයුතු සඳහා මුදල් වියදම් කරන බවට තොරතුරු ලැබී තිබෙන බවද ඔහු සඳහන් කර තිබේ.
(මුලාශ්‍රය -මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart