
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිපතිවරයා ඉවත්කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ‘ඉරිදා මව්බිම’ට පවසා ඇත.
එය අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාටද තීන්දු කළ නොහැකි බවද හෙතෙම සඳහන් කර තිබේ.
නීතිපතිවරයාට මේ වන විට එල්ල වී ඇති චෝදනා පිළිබඳ ඔහු කල්පනා කර ඔහුගේ කැමැත්ත අනුව මතයක් ප්‍රකාශ කළහොත් එම චෝදනාවල සැබෑ තත්වය රටට දැනගත හැකි බවද ඇමතිවරයා පවසයි.
අධිකරණ ඇමතිවරයා එහිදී මෙසේද සඳහන් කර ඇත.
“නීතිපති ඉවත් කරන්න කැබිනට තීන්දුවක් ආණ්ඩුව මේ දක්වා අරන් නෑ. මම තීන්දු කරලත් නෑ. මම තනියෙන් තීන්දු කරන්නෙත් නැහැනේ. අපි බලමු නීතිපති අප්‍රසාදයට පත් වෙන්න හේතු මොනවද කියලා. හේතුව තමයි දැන් ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවල තොරතුරු වැටෙනවා. මුලින්ම කියන්න ඕනෑ අපි භාෂණ නිදහසට ගරුකරනවා. නමුත් ඒ ගොල්ලෝ ඒගොල්ලන්ගේ කතාව තමයි එළියට දාන්නේ. නමුත් එක තව පැත්තක් තියෙනවා.
හේතුව නීතිපතිගෙ පැත්ත එළියට එන්නේ නෑ. අවුරුදු 200ක විතර නීතිපතිගේ සම්ප්‍රදායක් තියනවා. ඒ තමයි නීතිපති මහජන ප්‍රකාශයක් නිකුත් කරන්නෙ නෑ. ඒගොල්ලො දේශපාලනය කරන්නෙ නෑ. ඒගොල්ලො උත්තර බඳින්නෙ පාර්ලිමේන්තුවට විතරයි. මම හිතනවා නීතිපතිට විරුද්ධව විවිධ කතා එනකොට සිද්ධි සම්බන්ධයෙන් ඔහු මහජන ප්‍රකාශයක් කළා නම් අපේ රටේ පුරවැසියන් සාධාරණයි. හොඳ මිනිස්සු. ඒ මිනිස්සුන්ට දෙපැත්තම සලකා බලන්න පුළුවන්නේ එහෙම වුණොත්. ඒගොල්ලන්ගේ මතයට එන්න පුළුවන් නීතිපති කියන එකද හරි අනිත් අය කියන එකද හරි කියලා. ඉස්සර වගේ නෙවේ. දැන් සමාජ මාධ්‍ය ප්‍රබලයි. හැබැයි ඒවයෙ යන ඔක්කොම ඇත්තත් නෙවේ. නීතිපති කල්පනා කළා නම් ඔහුගේ කැමැත්ත අනුව මහජන ප්‍රකාශන දෙන්න, එහෙනම් කතාවෙ දෙපැත්තම අපි පුරවැසියො විදිහට දන්නවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart