
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු ඖෂධවල ගුණාත්මක බව පිළිබඳ තීරණ ගැනීමේ බලය වෙනත් රටකට හෝ සමාගමකට කිසිදු අයුරකින් පවරා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ පිළිබඳ පැහැදිලි කළේ ඒ සම්බන්ධයෙන් යොමු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව ෆාම කෝටියා ලෙස ඇතැමුන් හඳුන්වන්නේ ඖෂධවල තොරතුරු ඇතුළත් ෆාම කෝපියා සංග්‍රහය බව ඔහු පෙන්වා දුන්නේය.
මෑතකදී සිදු කරනු ලැබුවේ ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඖෂධ සම්බන්ධ තොරතුරු ඇතුළත් ඉන්දීය ෆාම කෝපියා සංග්‍රහය නිල වශයෙන් පිළිගැනීම බවත් එය ජාතික ඖෂධ නියාමන අධිකාරියට පහසු බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
දැනට මෙරට භාවිත කරන ඖෂධ අතරින් සියයට 80ක් ම ආනයනික ඖෂධ බවත් ඒ අතරින් සියයට 85ක් පමණ ගෙන්වන්නේ ඉන්දියාවෙන් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විටත් එක්සත් රාජධානියේ, ජපානයේ සහ එක්සත් ජනපදයේ ෆාම කෝපියා සංග්‍රහයන් ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇතැයි ද ඒ අයුරින් ඉන්දීය ෆාම කෝපියා සංග්‍රහය පිළිගැනීම පමණක් සිදු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙරට ඖෂධවල වගකීම අවසාන වශයෙන් ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට බව ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart