
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිරු මාධ්‍ය ආයතනය විසින් ප්‍රචාරය කර ඇති අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රවෘත්තියක් වහාම නිවැරදි කරන ලෙසත්, අසත්‍ය ප්‍රවෘත්තිය ජනමාධ්‍ය වේදිකාවලින් ඉවත්කරන ලෙසත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අදාළ මාධ්‍ය ආයතනයට දැනුම්දී තිබේ.
අදාළ දැනුම්දීම සිදුකළ ලිපියේ අන්තර්ගතය පහතින් දැක්වේ.
‘ඔබ ආයතනය මගින් ප්‍රචාරය කරන ලද අසත්‍ය සහ අපහාසාත්මක පුවත සම්බන්ධව…
ඔබ ආයතනයට අයත් පුවත් විකාශයන්, වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ වන විට සංසරණය වන “හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් පන්නා දැමූ හැටි – සමූහයට ආ සභාපතිටත් හූ සංග්‍රහයක්” යන පුවත සහ ඊට අදාළ වීඩියෝ දර්ශනය අසත්‍යබව දන්වා සිටිමු.
අදාළ වීඩියෝ දර්ශනවල පෙනීසිටින හෝ මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරනු ලබන එම්.ආර්.එම්.ඩබ්ලිව්. ඩයස් (M R M W Dias) මහතා හෝ රසිඳු යසෝද් මරගල (Rasidu Yasod Maragala) මහතා යන දෙදෙනාගෙන් කිසිවකු නොවන අතර ඔවුන් අදාළ සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැත. මූලික තොරතුරු පවා විමසීමකින් තොරව මෙවැනි අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීම වගකීම් විරහිත මාධ්‍ය භාවිතයකි.
එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ අසත්‍ය පුවත ඔබගේ සියලුම මාධ්‍ය ජාලාවලින් ඉවත් කරන ලෙසත්, ඒ වෙනුවට නිවැරදි පුවත පළ කරන ලෙසත් අප දන්වා සිටිමු.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart