
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 4 ක් සහ මූලික වටයේ තරග 7 ක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් එක් තරගයකට ඩොලර් 40,000 බැගින් තවත් ඩොලර් 280,000 ක් හිමිව ඇත.
අනුශූරතාවය දිනාගත් ඉන්දියාවට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 2 ක් සහ මූලික වටයේ තරග 9 ක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් එක් තරගයකට ඩොලර් 40,000 බැගින් තවත් ඩොලර් 360,000 ක් හිමිව තිබේ.
මේ අතර අවසන් පූර්ව වටයට පිවිසීම වෙනුවෙන් නවසීලන්තයට සහ දකුණු අප්‍රිකාවට ඩොලර් ලක්ෂ 8 බැගින් සහ මූලික වටයේ තරග ජයග්‍රණය වෙනුවෙන් එක් තරගයකට ඩොලර් 40,000 බැගින් හිමිකරගෙන ඇත.
මූලික වටයේ තරග දෙකක් පමණක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවට මෙහිදී ඩොලර් 80,000 කින් සැනසීමට සිදුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart