July 12, 2023

මෑත දශක කිහිපය තුළ යුරෝපීය සාහිත්‍යයේ දැවැන්ත නමක් වූ මිලාන් කුන්දේරා පැරිසියේදී සිය දිවි ගමන නතර කර තිබේ.

ඒ වන විට මේ අග්‍රගණ්‍ය සාහිත්‍යධරයා 94 වැනි වියේ පසුවිය.

ඔහුගේ හොඳම කෘතිය ලෙස සැලකෙන්නේ 1984 දී නිකුත් වූ The Unbearable Lightness of Being නවකතාවයි.

චෙක් ජනරජයේ ඔහුගේ උපන් නගරය වන Brno හි මිලාන් කුන්දේරා පුස්තකාලයේ ප්‍රකාශිකාවක් වන ඇනා ම්රසෝවා පැවසුවේ දිගු කලක් රෝගාතුරව සිටි ඔහු මිය ගිය බවයි.

ඔහු චෙක් සාහිත්‍යයේ ප්‍රබල චරිතයක් වූ නමුත් චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පාලන තන්ත්‍රය පිළිබඳ ඔහුගේ දැඩි විවේචන හේතුවෙන් කුන්දේරා 1975 දී ප්‍රංශයට පලා ගියේය.

කාව්‍යමය හා උපහාසාත්මක කතුවරයකු වන කුන්දේරාගේ නවකතා දේශපාලනය සහ එදිනෙදා ජීවිතය යන දෙකම නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ප්‍රශංසාවට ලක් විය.

චෙක් අගමැති Petr Fiala පැවසුවේ ඔහුගේ නිර්මාණ “සියලු මහාද්වීපවල සියලු පරම්පරාවල පාඨකයින් ඇඳ බැඳ තබා ගත් අතර ගෝලීය කීර්තියක් අත්කර ගත්” බවයි.

1929 දී ප්‍රභූ චෙක් පවුලක උපත ලද ඔහුගේ පියා පියානෝ ගුරුවරයෙකු වූ අතර තනු නිර්මාපකයෙකු වන ජනසෙක්ගේ ශිෂ්‍යයෙකු වූ අතර කුන්දේරාට උසස් මට්ටමේ සංගීත පුහුණුවක් ලැබෙන බව උපතේදීම සහතික වී තිබුණි.

කුන්දේරා ප්‍රාග්හි අධ්‍යාපනය ලැබූ අතර ලෝක සාහිත්‍යය පිළිබඳ කථිකාචාර්යවරයකු විය. ඔහු පාලක කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ අතර මුල් කාලයේ ඔහු එහි ප්‍රබල සාමාජිකයෙකි.

නමුත් ඔහුගේ ලේඛන හේතුවෙන් ඉක්මනින්ම ඔහු දේශපාලන අර්බුදයකට ලක් විය.

ඔහුගේ පළමු නවකතාව වන 1967 දී ප්‍රකාශයට පත් කරන ලද The Joke – a black comedy, චෙකොස්ලොවැකියාව තුළ ඔහුගේ ලේඛන කටයුතු තහනම් කිරීමට හේතු විය.

1968 සෝවියට් ආක්‍රමණයෙන් තලා දැමූ දේශපාලන ලිබරල්කරණයේ කාල පරිච්ඡේදය වන ප්‍රාග් වසන්ත ව්‍යාපාරයට සහය ප්‍රකාශ කිරීමෙන් පසු 1970 දී ඔහුට පක්ෂයෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල විය.

කුන්දේරාගේ ක්‍රියාකාරීත්වය ඔහුගේ කථිකාචාර්ය තනතුරෙන් නෙරපා හැරීමට හේතු වූ අතර ඔහුගේ නවකතා මහජන පුස්තකාලවලින් ඉවත් කරන ලද අතර 1989 දී කොමියුනිස්ට් රජය බිඳ වැටෙන තෙක් ඔහුගේ කෘති විකිණීම ද තහනම් විය.

1975 දී ඔහුගේ බිරිඳ වේරා සමඟ ප්‍රංශයට සංක්‍රමණය වීමට පෙර කෙටි කලක් ඔහු ජෑස් හොරණෑ වාදකයෙකු ලෙස කටයුතු කළේය.

ඔහු 1981 දී චෙක් ජාතිකත්වය අහෝසි කිරීමෙන් පසු ප්‍රංශ පුරවැසියෙකු බවට පත් වූ අතර අවසානයේ ප්‍රංශ භාෂාවෙන් ලිවිමට පටන් ගත්තේය.

ඔහු කෙටිකලකින්ම The Unbearable Lightness of Being සමඟින් කීර්තිමත් කතුවරයෙකු ලෙස මහත් ප්‍රසිද්ධියක් ලබා ගත්තේය.

එය සෝවියට් යුද ටැංකි ප්‍රාග් වෙත කඩා වැදීමත් සමඟ අවසන් වූ කෙටි ප්‍රතිසංස්කරණ කාල පරිච්ඡේදයට හසු වූ චෙක් කලාකරුවන් සහ බුද්ධිමතුන් හතර දෙනෙකුගේ සහ බල්ලෙකුගේ කතාවයි.

මෙම පොත 1987 දී චිත්‍රපටයකට නැඟුණු අතර, Juliette Binoche සහ Daniel Day-Lewis රංගනයෙන් දායක විය. නමුත් කුන්දේරා චිත්‍රපටය ගැන සහ නූතන ලෝකයේ නවකතාව පිළිගැනීමේ ඌනතාවක් ලෙස ඔහු දුටු දේ ගැන නොසතුටින් පසුවිය.

“වර්තමානයේ ලොව පුරා සිටින මිනිසුන් තේරුම් ගැනීමට වඩා විනිශ්චය කිරීමට, ඇසීමට වඩා පිළිතුරු දීමට, කැමති බව මට පෙනේ.” ඔහු නිව් යෝර්ක් ටයිම්ස් හි ඔහුගේ මිතුරෙකු සහ ලේඛකයෙකු වන පිලිප් රොත් සමග පවසා තිබුණි.

මෙම ග්‍රන්ථය අවසානයේ චෙක් භාෂාවට පරිවර්තනය වූ අතර 2006 දී ඔහුගේ මව්බිමේ වැඩියෙන්ම අලෙවි වූ පොත ලෙස ද සැලකේ.

කුන්දේරා ඔහුගේ හොඳම නවකතාවලින් එකක් වන Immortality ලිව්වේ 1988 දීය.

සමාජයේ මානව නිදහස පිළිබඳ තේමා සමඟ කටයුතු කළ ලේඛකයින්ට පිරිනැමෙන ජෙරුසලම් ත්‍යාගය 1985 දී මිලාන් කුන්දේරාට හිමි විය.

ඔහු සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගයට නිතර නිර්දේශ වුවද සම්මානය අත නොදරුවේය.

එක්සත් ජනපද ඔත්තු සේවාවන් වෙත සේවය කළ චෙක් ගුවන් භටයෙකු පාවා දුන් බවට චෝදනා එල්ල වීමෙන් කුන්දේරා 2008 දී යළි දේශපාලනික කරදරවලින් පීඩාවට පත් විය.

ඔහු සහ බිරිඳ චෙක් පුරවැසිභාවය වසර 40කට පසු යළි ලබා දීමට 2019 දී  අගමැති Andrej Babis කටයුතු කළේය.

2014 දී ඔහුගේ අවසාන නවකතාව වන The Festival of Insignificance, මුලින් ඉතාලි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර, එයට මිශ්‍ර අදහස් ලැබුණි, සමහරු එය විස්තර කළේ “බලාපොරොත්තුව සහ කම්මැලිකම අතර සටනක්” ලෙසිනි.