
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිඟ විදුලි බිල් නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තා වේ.
මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසන්නේ, සිය සෘජු ප්‍රකාශයන් හේතුවෙන් පුදබිම දේශපාලනික ගොදුරක් බවට පත්ව ඇති බවයි.
“විදුලි බල මණ්ඩලය මෙම පියවර ගෙන තියෙන්නේ මිනින්තලේ පූජා නගරයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අවස්ථාවක. මේ නිසා පූජා භුමිය පවතින්නේ අඳුරේ. විදුලිය විසන්ධි කරනවා නම්, පුරාවිද්‍යා භූමියට රජය වහා ආරක්‍ෂාව සලසා දිය යුතුයි. නේවාසික භික්ෂූන් වහන්සේලාට ජලය පවා ලබාගන්න හැකියාවක් නැහැ. විදුලි බල මණ්ඩලය කියන විදියට ලක්ෂ 41ක් ගෙවන්න අපිට හැකියාවක් නැහැ.” යැයි ධම්මරතන හිමියෝ පවසති.
මේ අතර, අනුරාධපුර ලංවිම ප්‍රාදේශීය ඉංජිනේරු ජේ.එම්.එෆ්. ජයවර්ධන පැවසුවේ මිහින්තලා විහාරස්ථානයේ 2022 වසරේ සිට හිඟ විදුලි බිල වශයෙන් රුපියල් ලක්ෂ 41ක් ගෙවීමට ඉතිරිව ඇති බවයි.
පෙර දැනුම්දීමකින් පසු ඊයේ රාත්‍රී 11.00 ට විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart