March 18, 2025

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ඇගේ පැරණි දුරකථනය සහ විද්‍යුත් තැපෑලට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් පිවිස (හැක්කර) ඇති බව පිළිගෙන තිබේ.

මෙක්සිකෝ නගරයේ ජනාධිපති කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ඇය කියාසිටියේ තම දුරකථනය සහ විද්‍යුත් තැපෑල ගැන හැකර්වරුන්ට පැවසුවේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බවයි.

කෙසේවෙතත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත් ඉකුත් ඉරිදා වාර්තා කර තිබුණේ, ෂින්බෝම්ගේ රජය පෙබරවාරි 27 වන දින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 29 දෙනකු අමෙරිකාවට භාරදීමෙන් පසුව ජනාධිපතිවරියගේ දුරකථනය හැක්කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මෙක්සිකෝවේ ඩිජිටල් පරිවර්තන දෙපාර්තමේන්තුව සමඟ සන්නිවේදනය කර ඇති අතර, හැක්කරන ලද දුරකථනය සහ විද්‍යුත් තැපෑල යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

මෙම දුරකථනය හිටපු සෙනෙට් සභිකයකු සහ කැම්පෙචේ ආණ්ඩුකාරවරියක වන ලේඩා සන්සෝර්ස්ගෙන් ලද තෑග්ගක් බව ද ජනාධිපතිවරිය අනාවරණය කළාය.

ඇය වැඩිදුරටත් පැවසුවේ, හැක්කරන ලද දුරකථනය සහ ඊමේල් ලිපිනය තවදුරටත් පුද්ගලික සන්නිවේදනය සහ ලිපි හුවමාරුව සඳහා භාවිතා නොකරන බවයි.

ක්ලෝඩියා ෂයින්බෝම් මෙක්සිකෝ නගරයේ Tlalpan පාරිසරික නියෝජිතයා ලෙස සිටියදී එම දුරකථනය භාවිත කළේ, ඇය ජනාධිපති අපේක්ෂකයකු හෝ රජයේ ප්‍රධානියා වීමට බොහෝ කලකට පෙරය.

මෙම දුරකථනය මෙක්සිකෝ නගරයේ ජනතාව විසින් පුළුල් ලෙස බෙදාහරින ලද අතර, 2024 ජුනි මාසයේ මහමැතිවරණයට පෙර ප්‍රාදේශීය ජනමාධ්‍යවල ප්‍රකාශයට පත් කරන ලදී.

ඔවුන් හැක්කරන ලද දුරකථනය පිළිබඳව විමර්ශනය කරන බව ඇය පැවසුවාය.

නිව් යෝර්ක් ටයිම්ස් ලිපියක ෂයින්බෝම් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවූ දුරකථන සංවාදයක් විස්තරාත්මකව වාර්තා කර ඇති අතර, එහිදී ඔවුන් තවත් මසකට මෙක්සිකානු භාණ්ඩ සියයට 25 ක තීරුබදු වලින් මුදාගැනීම සඳහා සාකච්ඡා කර ඇතැයි සඳහන් වේ.