
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ නිවසකට කඩාවැටුණු උල්කාපාතයක් පිළිබඳ විද්‍යාඥයන් විවිධ මත පළකර තිබේ.
ඒවායින් බහුතර මතය වන්නේ, එම උල්කාපාතය පෘථිවියට වඩා පැරණි බවයි.
මෙම ආකාශ වස්තුව ජුනි 26 වැනි දින ජෝර්ජියා ප්‍රාන්තය හරහා ගමන්කර කඩාවැටී ඇති බව නාසා ආයතනය තහවුරු කර තිබේ.
ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මැක්ඩොනොෆ් නගරයේ නිවසක වහලය සිදුරු කරමින් කඩාවැටුණු මෙම පාෂාණ කැබැල්ල පරීක්ෂා කර ඇත.
උල්කාපාත වර්ගය මත පදනම්ව, එය වසර බිලියන 4.56 කට පෙර නිර්මාණය වී ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් නිර්ණය කර ඇති අතර, එය පෘථිවියට වඩා දළ වශයෙන් වසර මිලියන 20 ක් පැරණි වේ.
ජෝර්ජියාවේ සහ අවට ප්‍රාන්තවල පදිංචිකරුවන් සියගණනක් එම දර්ශනය දැක තිබූ අතර, ගිනි බෝලයක් අහස ඔස්සේ පැමිණ හඬනගමින් කඩාවැටුණු බව ඇසින් දුටුවන් පවසා ඇත.
ඔප්ටිකල් සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත කරමින් ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන නාසා ආයතනය පවසන්නේ, එම පාෂාණය බහුලවම ඇති පාෂාණ උල්කාපාත වර්ගය කොන්ඩ්‍රයිට් වර්ගයේ වන අතර, එය ආසන්න වශයෙන් වසර බිලියන 4.56 ක් පැරණි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart