
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් ඉරිදා ලංකාවට පැමිණෙන බව ආන්දෝලනාත්මක දේශක ජෙරොම් ප්‍රනාන්දු පවසයි.
ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පණිවිඩයක් පළ කරමින් “හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි, මම දැනට නිල කටයුතු සඳහා ගමන් කරමින් සිටින අතර ඉරිදා නැවත නිවසට පැමිණේ” යනුවෙන් සඳහන් කර ඇත.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇත.
කෙසේ වෙතත්, පසුගිය දා බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කළ ප්‍රනාන්දු ඒ වන විටත් මැයි 14 වැනිදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබිණි.
පසුගිය දිනෙක ශ්‍රාවකයන් පිරිසක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට අවමන් සහගත ප්‍රකාශයක් කළ බවට ජෙරොම් ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart