
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතිකව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍ය උපාධි ලෙස පිළිගැනීමට රජය තීරණය කර තිබේ.
2023 මැයි 02 වැනි දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව අන්තර්ජාතිකව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි පාඨමාලා පිළිගැනීම මත පදනම් වූ ප්‍රමිති සහ නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට අනුමැතිය හිමිව තිබේ.
වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන වත්මන් අවශ්‍යතාවලට සරිලන පරිදි සංශෝධනය කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද මෙහිදී අදාළ කමිටුවට දැනුම්දී ඇත.
ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, අංක 01 සිට 1000 දක්වා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් තුළ විදේශීය විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාව තුළ පිළිගනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart