
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම් දිස්ත්‍රික්යේ සතියක කාලයක සියලුම මස් වර්ග විකිණිම තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ. පී. බොරලැස්ස මහතා පවසයි.
මෙයට අමතරව දිවයින පුරා මස් වෙළඳාම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් සිටින බවත්, ජනතාව මස් මිලදී ගැනීමේ දී සැලකිලිමත් වෙන ලෙසද හෙතෙම පවසයි.
මේ අනුව ඔහු ජනතාවට ප්‍රකාශ කරන්නේ, මස් කෑම හෝ මිලදී ගැනීමේ දී අවධානයෙන් කටයුතු කරන ලෙසත්, මෙය මස් කෑම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමක් නොවන බවත් ය.
මන්නාරම් දිස්ත්‍රික්කයට දින හතක තහනමක් තිබුණද අනෙක් දිස්ත්‍රික්වලට එවැනි තහනමක් නොමැති බවත්, ජනතාව මස් මිලදී ගැනීමේ දී අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඔහු පවසයි.
ආපදාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියයෑම සිදු වූ බවත්, එම මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළඳපොළට පැමිණීම වැලැක්වීමට මන්නාරම දිස්ත්‍රික්කය තුළ සතියක කාලයක් ගව මස්, එළු මස්, ඌරු මස් විකිණීම, විකිණීම පිණිස ගබඩා කර තබාගැනීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart