
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර්, කොළඹ ගිනි නිවන හමුදාවේ ඊයේ ( 05) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දිගු කළ හැකි ඉණිමඟ ඇතුළු ගිනි නිවන වාහන කිහිපයක් පරීක්ෂා කිරීමට මෙම සංචාරය අතරතුර කොළඹ නගරාධිපතිනියට අවස්ථාවක් ලැබිණි.
“ඊයේ අපි අපගේ ගිනි නිවන දෙපාර්තමේන්තුවට පැමිණියේ වසර ආරම්භයේදී අපගේ කාර්ය මණ්ඩලයේ ශක්තිය සහ සහයෝගය ප්‍රාර්ථනා කිරීමටයි. අපගේ ගිනි නිවන වාහන කිහිපයක් පරීක්ෂා කිරීමටත් අපට අවස්ථාව ලැබුණා, දිගු කළ හැකි ඉණිමඟ ක්‍රියා කරන ආකාරය බැලීමට මීටර් 40ක් ඉහළට ගමන් කිරීමයි (ඉතිරි මීටර් 30 රැගෙන යෑම ප්‍රතික්ෂේප කළා!). මෙම පින්තූරවල සිනාසෙමින් සිටියත් ඇත්තටම බයවෙලා හිටියේ, ” යනුවෙන් ඇය සමාජ මාධ්‍ය සටහනක පැවසුවාය.
කොළඹ ගිනි නිවන හමුදාවට කෘතඥතාව පළ කරමින්, කොළඹ නගරාධිපතිනිය තවදුරටත් මෙසේ පැවසුවේ, “අපේ ගිනි නිවන හමුදාව ගැන අපි ඉතා ආඩම්බර වෙනවා. ජීවිත සහ දේපළ බේරා ගැනීමට ඔවුන් ගන්නේ දැවැන්ත උත්සාහයක්. මෙම වසරේ, අපි අපගේ සේවාවන් පුළුල් කරලා ශක්තිමත් කරමු.” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart