
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) අපේක්ෂක සෙයිඩ් අලි සහීර් මවුලානා මීට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දී මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමැති නසීර් අහමඩ් නෙරපා හැරීමෙන් ඇති වූ පුරප්පාඩුවට ඔහු පත්කර ඇත.
2022 අප්‍රේල් මාසයේදී නසීර් අහමඩ් සිය දේශපාලන ස්ථාවරය වෙනස් කිරීමෙන් පසු, ඔහුව පක්ෂයෙන් නෙරපාහැරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කරන ලදී.
නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය වලංගු සහ නීත්‍යානුකූල බව පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තහවුරු විය.
ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිස් වූ අසුන සඳහා සෙයිඩ් අලි සහීර් මවුලානා මෙසේ පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart