
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හවායි හි මවුයි දූපතේ ලහයිනා නිවාඩු නිකේතන නගරය දුම් දමන නටබුන් බවට පත් කළ ලැව් ගින්නකින් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බව මවුයි ප්‍රාන්ත බලධාරීන් පවසයි.
අඟහරුවාදා රාත්‍රියේ මවුයි හි අවම වශයෙන් ප්‍රධාන ලැව්ගිනි තුනක් නර්මාණය වී තිබේ.
බොහෝදෙනෙක් පිළිස්සුම් තුවාල, දුම් ආශ්වාස කිරීම සහ වෙනත් තුවාලවලට ගොදුරු වී ඇත.
සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, දහස් ගණනක් ජනයා ප්‍රදේශයෙන්, හදිසි නවාතැන් වෙත සහ දිවයිනෙන් පිටත පළාගොස් සිටිති.
මෙම ලැව්ගිනි විසින් එක්සත් ජනපදයට අයත් මෙම දූපතේ බටහිර පැත්තේ මුළු ප්‍රදේශයම අළු බවට පත්කර ඇත.
ලහයිනා යනු මවුයිහි ප්‍රධාන ආකර්ෂණයන්ගෙන් එකක් වන අතර, සෑම වසරකම සංචාරකයෝ මිලියන 02ක් දිවයිනට ඇදී එති.
මෙලෙස ලැව්ගිනි හටගැනීම ලහයිනා හි බොහෝ පදිංචිකරුවන් සහ අමුත්තන් පුදුමයට පත් කරවා ඇති අතර, සමහරුන්ට වේගයෙන් පැතිරෙන ගිනිදැල්වලින් බේරීමට සාගරයට පැනීමට සිදුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart