
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්තානය සමග හෙට(02) ආරම්භ වන එක්දින තරගාවලියේ දි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එක්දින වරම් හිමිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.
එමෙන්ම අබාධයකට ලක්ව සිටි වනිදු හසරංග ගේ ශාරීරක සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් දුෂාන් හේමන්තටද එක්දින වරම් හිමිවනු ඇති බව දසුන් ශානක සඳහන් කරයි.
ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය හෙට හම්බන්තොටදී පෙරවරු 10 ට ආරම්භ විමට නියමිතව ඇත.
හම්බන්තොට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවති ජනමාධ්‍ය හමුවකට සහභාගීවූ දසුන් ශානක වැඩිදුරටත් කියා සිටියේ වෙිග පන්දු යවන්නන් තිදෙනකු හෙට තරගයට සහභාගි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart