
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභාවප්‍රාප්ත හිටපු ඇමැති රොනී ද මැල්මගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සදහා පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය මාතර කොටුව ක්‍රීඩාංගණයට ගොඩ බැස්සවීමට යෑමේ දී සිදු වූ දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාරපානවලට ඊයේ (01) සවස දැඩි අලාභහානි සිදුවිය.
විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් හමා ආ දැඩි සුළං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වූ බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළ බව මාතර තානායමේ කළමනාකරු පැවසීය.
කෙසේවෙතත් එම සිදුවීම වන විට ආහාරපාන ලබාගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්, දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පිඟන්වලට ද වැලි, දූවිලි හා කුණු රොඩු වැටී තිබූ අතර එම නිසා ඔවුහු දැඩි දුෂ්කරතාවට හා බියට පත්ව ඇත.
ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල ඉවත්කර දැමීමට සිදුව තිබේ.
පිගන් කෝප්ප ද කුඩු වී තිබිණි.
බාර් එකේ වහල ගැලවී ගොස් තිබූ අතර රෙස්ටොරන්ට් එකේ උළුකැට ගැලවී ගොස් තිබිණි.
නිසි ආකාරයට හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයෝ සිය විරෝධය පළකළහ.
අපහසුතාවට පත් වූ විදේශිකයන් ඇතුළු පිරිසට ඇණවුම් කළ කෑම වෙනුවට ක්ෂණිකව ෆ්‍රයිඩ් රයිස් සාදා නැවත පිළිගැන්වීමට මාතර තානායමේ කළමනාකාරීත්වය කටයුතු කර තිබිණි.
මාතර තානායමේ උළුකැට, සෙවිලි තහඩු ගැලවී තැන තැන වැටී තිබු අතර එහි කළමනාකරුගේ මෝටර් රථයට ද උලුකැටයක් වැටී සුළු හානි සිදුවී තිබිණි.
ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී තිබිණි.
අවමංගල්‍ය උත්සව් අවසන් වී ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබූ නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මනින් මාතර තානායම පිරිසුදු කිරීමට ද කටයුතු
කෙරිණි.
කෙසේවෙතත් අගමැති දිනේෂ් ගුණවර්ධන හෙළිකොප්ටරයේ සිට ආරක්ෂාකාරීව ගොඩබැස්වීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙත කැඳවා ගෙන එනු ලැබීය.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart