
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතර බන්ධනාගාරයේ වහළක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 2 දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුරෙන් තුවාල ලබා සිටි තවත් රැඳවියකු ද මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක පවසන්නේ මියගිය පුද්ගලයා දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයකු බවයි.
තුවාල ලබා රෝහල් ගත කළ රැඳවියන් 10 දෙනාගෙන් තිදෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවත්, හත් දෙනකු ප්‍රතිකාර ලබා යළි බන්ධනාගාරයට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ගාමිණී දිසානායක පවසන්නේ සිද්ධිය හේතුවෙන් සිරකරුවන් පිරිසක් අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යෑමට කටයුතු කළ බවයි.
හානි වූ බන්ධනාගාර ගොඩනැගිලිවල අලුත්වැඩියා කටයුතු අවසන් වූ පසු ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබේ.
පෙරේදා රාත්‍රියේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි ගොඩනැගිල්ලක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් එදිනම එක් රැඳවියකු මියගොස් තිබූ අතර ඔහු මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි රැඳවියෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart