
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍යවේදී තරංග ගුණරත්නට දුරකථන මාර්ග ඔස්සේ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුන්වාගත් ‘දෙහිබාලේ’ නැමැත්තෙකු විසින් තර්ජනය කර ඇති බව ‘මාතර මාධ්‍යවේදීයෝ’ සංවිධානය පවසයි.
මෙම තර්ජනය සම්බන්ධයෙන් මිදිගම පොලීසියට පැමිණිලි කර දින 06ක් ගතව ඇතත්, පොලිසිය ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති බවට ‘මාතර මාධ්‍යවේදීයෝ’ සංවිධානය චෝදනා කරයි.
පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව සඳහන් කරමින් එම සංවිධානය නිකුත්කළ නිවේදනයයි;
‘මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන මාධ්‍යවේදී තරංග ගුණරත්නට දුරකථන මාර්ග ඔස්සේ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුන්වාගත් දෙහිබාලේ නැමැත්තෙකු විසින් සිදුකළ තර්ජනය සම්බන්ධව මිදිගම පොලීසියට මේ මස 09 වන දින සිදුකළ පැමිණිල්ලට මෙම නිවේදනය නිකුත් කරන දින වන විට දවස් 06ක් ගතව ඇතත් ඒ පිළිබඳ සැලකිලිමත් වී එලෙස දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා හෝ කණ්ඩායම කවුද යන්න හදුනාගැනිමට හා තරංග ගුණරත්න මහතාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ ජීව්තාරක්ෂාව සැලසීම්ට මිදිගම පොලිසිය අද(14) වන විටත් කටයුතු නොකිරීම පිළිබද අප සංගමය අප්‍රසාදය පළ කරන්නෙමු .
මාතර ප්‍රදේශයේදි පොලීසිය විසින් පසුගිය අඟහරුවාදා (7) පොලිස් අණ නොතකා ධාවනය කළේ යැයි කියන මෝටර් රථයකට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනීයට ප්‍රවෘත්තියක් සැපයූ බවට චෝදනා කරමින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි හදුන්වාගත් පුද්ගලයෙක් පසුගිය 8 වැනිදා රාත්‍රි දුරකථනයක් මගින් තරංග ගුණරත්න මහතාට බලපෑම් කිරීම හා ඒ මහතාගේ පවුලේ අයෙකුගේ දුරකථනයකට වට්ස්ඇප් ඔස්සේ විදේශීය දුරකථන අංකයකින් ඇමතුම් ලබාගැනිම මාතර මාධ්‍යවේදීයෝ සංවිධානය තරයේ හෙලා දකිමින් කඩිනම් විමර්ශනයක් කිරීම සඳහා මැදිහත් වන ලෙස රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් වෙත මේ මස 11 වන දින ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින ලදි.
ඒ අනුව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් එච්.එස්.කේ.ෙජ්.බණ්ඩාර මහතා අදාළ බලපෑම පිළිබද කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා 11 වැනි දා පොලිස්පතිවරයා දැනුම්වත් කොට තිබු අතර අප සංගමය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා දැනුම්වත් කොට පරික්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලා සිටියේය .
එහෙත් සැකකරුවන් අත් අඩංගුවට ගැනමට හෝ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට පවා මේ නිවේදනය නිකුත් කරන අද දිනය වන විටත් කටයුතු නොකිරිම පිළිබදව අප සංවිධානය කණස්සල්ලට පත්වන්නෙමු
මෙවැනි තර්ජන හා බියවැද්දීම් නිදහස් මාධ්‍ය වෘත්තියට එරෙහිව සිදු කළ බියගුලු ක්‍රියාවක් බව අප සංවිධානයේ අදහස යි.
එම නිසා මෙම තර්ජන කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට අප මාධ්‍යවේදීයාගේ ජීවිතයත් ,අනෙකුත් මාධ්‍යවේදින්ට නිදහසේ තම වෘත්තිය සිදු කර ගෙන යාමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය මැදීහත්වීමි කරන ලෙස ඉල්ලා වගකිව යුතු සියලු පාර්ශ්වයන්හි අවධානය යොමු කරමු.
ලේකම්
මාතර මාධ්‍යවේදියෝ සංවිධානය‘

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart